මුල්කිරිගල ගුණරත්න
පුනරුදයට මඟ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ සුරියවැව ප්‍රාදේශිය ලේකම් කොඨටාසයේ රන්මුතු වැව , මිහිඳු ගම මැද පාර වසර විස්සකට පසු රුපියල් කෝටි හතරක වියදමින් කාපටි කර සංවර්ධනය කරයි.
පුනරුදයට මඟ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශිය ලේකම් කොඨටාසයේ රන්මුතු වැව මිහිඳු ගම මැද පාර මේ වන විට සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.
මෙම මාර්ගයේ පා ගමනින් පවා යෑමට නොහැකිවු අතර එම ප්‍රදේශයේ ජනතාව ගොවිතැනින් ජීවත්වන අතර මොවුන් වගා කරනු ලබන ධාන්‍ය පවා ප්‍රවාහනය කර ගැනීමට නොහැකි තත්වයක් පැවතුනි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලින් දේශපාලනය කල මැති ඇමතිවරු පොරොන්දු පිට පොරොන්දු දී , මෙම මාර්ගය සකස් කර දෙන ලෙස පොරොන්දු වුවත් ඒ සියල්ල මැතිවරණ කාලයට පමණක් සීමා විය.
වර්තමාන රජය පත්වී වසරක් ගත වීමටත් මත්තෙන් මෙම මාර්ගයේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව රජය කෙරෙහි තිබු විශ්වාසය තව තවත් තහවුරු වු බව මෙම ප්‍රාදේශයේ ජනතාව පවසයි.
