Spread the love

නිමල් රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී තිබේ.

අග්‍රාමාත්‍යතුමිය විසින් අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යතුමියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔසසේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර ඒ මගින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇත.

කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ලෙස අපි ඉල්ලා සිටිමු.

රජයට සහ අග්‍රාමාත්‍යතුමියගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඩුවමි ලැබිය හැකි වරදකි.