නිමල් රාජපක්ෂ
දුම්රිය වෘත්තීය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් දියත් කර තිබේ.මෙම වර්ජනය සදහා දුම්රිය වෘත්තීය සමිති 27 ක් එක්වෙන බවට තොරතුරු අනාවරණය වෙයි.
අද(17) මධ්‍ය රාත්‍රිෙයන් වර්ජනය දියත් කලද අද රාත්රීකොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී අටයි තිහට(8. 30 ) යාපනය හා කන්කසන්තුරේ බලා ධාවනයන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
දුම්රිය වර්ජනය පිළිබදව දුම්රිය දෙපාර්තුමේන්තුවේ බලධාරියකුගෙන් විමසු විට වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක නිරත වුවත් හෙට දිනයේ කාර්යාල දුම්රියයන් ධාවනයට එක් කරන බව පැවසුවේය.
කාර්යාල බලා ධාවනය වන මගීන් අපහසුතාවයන්ට පත්නොවන ආකාරයට හෙට පෙරවරුවේ දුම්රියයන් කිහිපයක් ධාවනය කරන බවද අදාල නිලධාරීයා වැඩි දුරටත්පැවසුවේය.
