නිමල් රාජපක්ෂ –
රුපියල් මිලියන 170.04ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත්, රුපියල් මිලියන 230.64ක වියදමින් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත් මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරී හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් හෙට (17) සිදුකිරීමට නියමිතය.
හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් පුරා දැඩි අපහසුතාවයන්ට පත් ව සිටි අතර, එම ගැටළුවට විසඳුමක් ලෙස වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලට මෙම නව හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා සැලසුම් කරනු ලැබීය.
මේ යටතේ මෙම නිල නිවාස සංකීර්ණයෙන් හෙද කාර්ය මණ්ඩලයේ 48 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයිය හැකි පරිදි ඉදිකෙරෙන අතර, මෙම සංකීර්ණය 2027 ජුනි මාසය වන විට ඉදිකර අවසන් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
වෛද්‍ය නිලධාරී නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය නිලධාරීන් දීර්ඝ කාලයක් පුරා දැඩි අපහසුතාවයන්ට පත් ව සිටි අතර, එම ගැටළුවට විසඳුමක් ලෙස කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලට මෙම නව වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා සැලසුම් කර ඇත.
මේ යටතේ මෙම නිල නිවාස සංකීර්ණයෙන් වෛද්‍ය නිලධාරීන් 48 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයිය හැකි පරිදි ඉදිකෙරෙන අතර, මෙම සංකීර්ණය 2027 ජූලි මාසය වන විට ඉදිකර අවසන් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්ෂේත්රයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ද උපදේශකත්වයෙන් උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිතා කරමින් මෙම ඉදිකිරීම් කරන අතර, රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමව ඉහළ නැංවීම තුළින් මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම කටයුතු සිදු වේ.
