අමෙරිකාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරියක සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මිනසෝටා මන්ත්‍රී මණ්ඩලයේ ඉහළම මන්ත්‍රීවරියක වූ මිනසෝටා ප්‍රාන්ත නියෝජිත මෙලීසා හෝට්මන් සහ ඇගේ සැමියා ය.
එමෙන්ම මිනසෝටා ප්‍රාන්ත සෙනෙට් සභික ජෝන් හොෆ්මන් සහ ඔහුගේ බිරිඳට එම පුද්ගලයා විසින් වෙඩි තබා ඇතැයිද ඔවුන් බරපතළ තුවාල සහිතව මේ වන විට රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.
වෙඩික්කරු පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් ලාංඡනය සහ නිල ඇඳුමක් භාවිත කරමින් පොලිස් මෝටර් රථයක් මෙන් පෙනෙන මෝටර් රථයකින් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩික්කරු වෙඩි තබා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි සැකකරු සොයා පොලීසිය සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ..
