ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසයි.
පසුගිය දිනවල මෙන්ම ඉදිරි දින කිහිපයේ ද වැසි සහිත කාලගුණයක් පවතින බවත්, හෙට (11) වන විට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේය.
මෙය මෝසම් තත්ත්වයක් නොව ‘පෙර මෝසම්’ තත්ත්වයක් බව පෙන්වා දුන් ඔහු, මෙම අඩු පීඩන කලාපයේ වර්ධනයත් සමඟ මැයි මස 20 වන දින වන විට මෝසම් කාලගුණය ස්ථාපිත වී ඊට අදාළ කාලගුණ විපර්යාස සිදු වනු ඇති බව ද සඳහන් කළා.
වැසි තත්ත්වය තීව්ර වීමත් සමඟ ගංවතුර අවදානමක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
