Spread the love

ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ පිපිරීමක් සිදුව පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වරායේ බහාලුම් කිහිපයක් පිපිරීමෙන් මෙය සිදුවී ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.

වරායට ඉන් දැඩි ලෙස හානි සිදුව ඇති අතර පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

අනතුරුදායක භාණ්ඩ සහ රසායනකික ද්‍රව්‍ය පිපිරීමට හේතුව විය හැකි බවට සැක කෙරේ