2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.
2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි.
විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත්ය.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.
ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සිය සදහන්
