Spread the love

නිමල් රාජපක්ෂ

කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ ඊයේ 01 උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හතරයි (04) ග්‍රෑම් හාරසිය පනස් හතරක (454) පමණ තොගයක් සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට ලද විශ්වසනීය තොරතුරකට අනුව, එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ ිසිදු කළ මෙහෙයුමේදි මෙම ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට හැකීවී තිබේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා  කරමින් තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්‍රාවේ ධීවර දැලක අමුණා තිබූ සැකකටයුතු ඊයම් බරු දහතුනක් (13) නිරීක්‍ෂණය කර, සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, ඊයම් බරු ලෙස සූක්‍ෂම ලෙස සකස් කර සඟවා, නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කල රත්‍රං  කිලෝ  හතරයි (04) ග්‍රෑම් හාරසිය පනස් හතරක (454) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර; එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.