Spread the love

නිමල් රාජපක්ෂ

මුහුදු බඩ මාර්ගයේ පීල්ලක් කැඩීම හේතුවෙන් දුම්රියයක් ඉදිරියෙන් නතර කර තිබියදී පිටු පසින් පැමිණි දුම්රියටත් ඉදිරියට යාමට කොල පාට වර්ණ සංඥා ලබා දි තිිබියදි ඉදිරියට ගමන් කල දුම්රිය නතර කර තිබු දුම්රියේ ගැටී සිදුවීමට ගිය විශාල අනතුරක් දුම්රිය රියදුරු නියාමකගේ දක්ෂ තාවයට නිසා වැලකි ගියේය.
තමුත් වංගුව සහිත ස්ථානයකදී මේ අයුරින් වර්ණ සංඥා ලබා දි තිබුණානම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ ඇතැයිද දුම්රිය දෙපාර්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ප්‍රධාන මාර්ගයේත් , මුහුදුබඩ මාර්ගයෙත් , පුත්තලම් මාර්ගයේත් දුම්රිය වර්ණ සංඥා ක්‍රමවේදයට අනුව දුම්රිය ධාවනය කළද දුම්රිය පාලක මැදිරියට ( කොන්රෝල් ට)පෙනෙන්නේ ප්‍රධාන දුම්රිය ස්ථානවල දුම්රිය වර්ණ සංඥ පද්ධතිය පමණක් බවද අදාල නිලධාරීයා පැවසුවේය.

මුහුදු බඩ මාර්ගයේ මොරටුව හා පානදුර දුම්රිය ස්ථානයේ දෙකෙහි දුම්රිය වර්ණ සංඥා පාලක මැදිරියට පෙන්වුවද එම දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දුම්රිය පාලක මැදිරියට පෙන්වන්නේ නැතැයිද අදාල නිලධාරියා පැවසුවේය.
උදාහරණයක් හැටියට කියනවානම් මොරටුව පානදුර දුම්රිය ස්ථාන දෙක අතර තිබෙන දුම්රිය වර්ණ සංඥා කොල , කහ හෝ රතු පෙන්වුවහොත් රියදුරු හා නියාමක එම සංඥා පද්ධිය පිළිවද දැඩි අවධානයකින් දුම්රිය ධාවනය කළ යුතුවෙයි.
බොහෝ දෙනෙකු රියදුරුගේ නොසැලකිල්ලෙක් අනතුරක් සිදු වුවායැයි කීවොත් එයත් වැරදිය මන්ද දුම්රිය රියදුරු දුම්රිය ධාවනය කලද දුම්රියේ සියළුම දේට නියාමකවරයා වගකිව යුුතුවෙයි. මාර්ගයේ රතු පාට තිබුණද ඉදිරිය හොද නම් පරික්ෂාවකින් පසු නියාමකට දුම්රිය ඉදිරියට රැගෙන යාමේ බලය තිබෙනු ඇත.

නමුත් මගී ආරක්ෂාව වෙනුවෙනු මින් ඉදිරියට පානදුර දුම්රිය ස්ථානයේ ගමන් අරඹන දුම්රියයක් මොරටුව දුම්රිය ස්ථානයට දුම්රියයපැමිණෙන තුරු පිටු පසින් දුම්රියයක් එන්නේ නැත.
මින් පසු පානදුරයෙන් විනාඩි පහලොවකට පසු ඊළග දුම්රිය මොරටුව බලා ධාවනයට එක් කරනු ඇත. එවිට මෙවැනි අකර තැබ්බ වලට මුහුණ දීමට සිදු නොවනු ඇතැයිද අදාල නිලධාරියා පැවසුවේය.