Spread the love

.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබයි

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව,  මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මෙම ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල් හිජ්ජා’ මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙන අතර, අල්ලා දෙවියන් විසින් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සමරනු ලබන බවයි පැවසෙන්නේ.

මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදු කෙරෙන අතර, සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

හජ් උත්සවය වෙනුවෙන් අද කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම  උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිත බවයි දැක්වෙන්නේ