Spread the love

මුල්කිරිගල ගුණරත්න

ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ දි අද (12) උදෑසන 7.30ට පමණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මෙකි පුද්ගලයා දංගෙදර පිහිටි සුපිරිවෙළදසැලක් අසල රැදි සිටියදි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාදුනන තුවක්කුරුවන් විසින් මෙම වෙඩි තැබිම සිදුකොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඝාතනයට ලක්වු පුද්ගලයා 47 හැවිරිදිවියේ පසුවු දෙදරු පියෙකි.

. වෙඩි වැදිමත් සමග මෙකි පුද්ගලයා ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර අංශයට ඇතුළත්කොට ඇති අතර හදිසි ප්‍රථිකාර අංශය තුලදි මොහු මියගොස් ඇත.

සිද්ධිය පිළිබද ගාල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.