නිමල් රාජපක්ෂ
මෙරට ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ප්‍රතිපාදන සැපයෙන, ජීවිතයට වාසනාව කැන්දන “ආයුබෝ” දිනපතා ලොතරැයිය ජනගත කෙරේ.
පළමු දිනුම් වාරය 2026 ඔක්තෝබර් මස 12 දා”
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාර ලෙස ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF) වෙත සෘජුවම ප්‍රතිපාදන ලබාදෙන නව “ආයුබෝ” දිනපතා ලොතරැයිය නිල වශයෙන් ජනගත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී සිරිල් අන්තෝනි පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මෙම නව ලොතරැයිය වෙළඳපොලට හදුන්වා දෙනු ලබන අතර මෙම ලොතරැයියේ පළමු දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙසින් දිනුම් අවස්ථා 15 ක් සමගින් 2026 ඔක්තෝබර් මස 12 දින දිනුම් ඇදීමට නියමිතය.
මෙහිදී නව “ආයුබෝ” ලොතරැයි ආකෘති පත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්වීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී සිරිල් අන්තෝනි පෙරේරා, සාමාන්‍යාධිකාරී ඒ.එම්. අරීෆ් සහ අතිරේක සාමාන්‍යාධිකාරී නීතීඥ සංජීව එදිරිසිංහ, ප්‍රධාන මූල්‍ය නිලධාරී ටී.ඩි රසිකා ප්රබෝදනී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
මෙහිදී අදහස් දැක්වු ජනමාධ්‍ය ඇමති නලින්ද ජනතිස්ස මහතා,
