ජාත්‍යන්තර කම්කරු දිනය අද යි
දේශපාලන පක්ෂ රැසක් විසින් පෙළපාලි, රැලි සහ උත්සව දිවයින පුරා සංවිධානය කර තිබෙන අතර ජාතික ජන බලවේගයේ මැයි දින රැලි දිස්ත්‍රික්ක 21ක් දිවයින පුරා පැවැත්වේ
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙන්ම අද පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදීද ජාතික ජන බලවේගයේ මැයි දින රැලි පැවැත්වීවේ.
,සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අද පස්වරු 2:00ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීද, සර්ව ජන බලය මෙවර මැයි දින රැලිය සංවිධානය කර ඇත්තේ කොළඹ 5 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදීද පැවැත්වේ.
සර්වජන බලය මැයි දින රැලිය අද උදෑසන 10:00 ට ආරම්භ වීමට නියමිතයි.
අද පෙරවරු 8:00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දැක් වීමෙන් අනතුරුව සියලුම ආසනවල ආගමික වතාවත් සිදු කිරීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කර ඇත.
පසුව කැළණිය රජමහා විහාරස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමටද නියමිතයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැලිය බොරැල්ල පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
අද කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.
