නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී.
ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් (Neurology Services) මඟින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇත.
මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතාගේ ඡායාරූපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් නිරාවරණය කළ අතර, එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතා ද එක්ව සිටීම විශේෂත්වය කි. මෙහි දී ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු ද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කළ අතර ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදුවිය.
මෙම ඒකකයට ඇතුළත් වාට්ටු දෙකෙ හි රෝගී ඇඳන් 22 බැගින් පවතින අතර එම වාට්ටු කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ආයතනය 1982 වර්ෂයේ ආරම්භකර ඇති බවත්, මෙහි නවීකරණ කටයුතු දීර්ඝ කාලයක් ක්‍රියාත්මක නොවු තත්වයක පැවති බවත් සඳහන් කළේ ය. එම තත්වයන් සලකා බලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට කටයුතු කළ බව පැවසීය.
මෙහි පළමු මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 52ක් යෙදවීමටත්, බිම්මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 22ක් වැයකළ බවත් සදහන් කළ අමාත්‍යවරයා තුන්වන මහලේ නවීකරණ කටයුතු සදහා මිලියන 25ක් යෙදවූ බවත් සමස්තයක් ලෙස මේ සදහා රුපියල් මිලියන 99ක් යෙදවූ බව ද පැවසීය.
එමෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි කළ අමාත්‍යවරයා සෞඛ්‍ය කාර්ය සහායකයන් 1900 ක් පමණ බඳවා ගැනීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකරන බව පැවසීය. මෙම බඳවා ගැනීමට අදාළ පුවත්පත් දැන්වීම අනුව 92000ක් පමණ අයදුම්පත් ලැබුණු බව ද සඳහන් කළේ ය. මීට ප්‍රථම මෙවන් බඳවා ගැනීම් සිදු කිරීම ඉතා පහසු කාර්යක් වු බව සිහිපත්කළ අමාත්‍යවරයා එදා දේශපාලඥයන්ගේ ලැයිස්තු මත එය පිරවූ බව ද සඳහන් කළේ ය. විවෘතව ආරාධනා කළ විට 92000ක් අයදුම් කළ බවත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් මත බදවා ගැනීම් සිදුකර මධ්‍යම රජයේ රෝහල් සදහා එම කාර්ය මණ්ඩලය යෙදවීමට කටයුතු කරන බව ද පැවසීය.
මීට දින කිහිපයකට පෙර හෙද උපාධිධාරීන් 515කට පත්වීම් ලබා දීමට හැකිවූ බවත්, ලබන ඔක්තොම්බර් මාසයේ දී තවත් හෙද නිලධාරීන් 2600කට පත්වීම් ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.
තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,
