Spread the love

නිමල් රාජපක්ෂ-

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහල (LRH) වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.

මෙම දැඩි තදබදය මධ්‍යයේ වුවද දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීම සඳහා දෙමාපියන් සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වී ඇති බව ද රෝහල් අධ්‍යක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඒ අනුව, ප්‍රතිකාර හෝ සායනික කටයුතු (Clinic Visits) සඳහා දරුවන් රෝහල වෙත රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත සඳහන් ලියකියවිලි 05 අනිවාර්යයෙන්ම රැගෙන එන ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

     1.         පුද්ගල සෞඛ්‍ය අංකය හෝ බාර් කෝඩ් කාඩ්පත (Personal Health Number (PHN) / Barcode Card)

     2.         ළමා සෞඛ්‍ය සංවර්ධන  සටහන් පොත / බර සටහන් කරන පොත (Child Health Development Record (CHDR) / Weight Record Book)

     3.         ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ විස්තර. (Allergy Records (Drug / Food)

     4.         සායනික සටහන් පොත් (Clinic Books)

     5.         රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්. (Discharge Cards / Diagnosis Cards)

මහජනතාවගෙන් මේ සඳහා උපරිම සහයෝගය රිජ්වේ ආර්යා ළමා රෝහල අපේක්ෂා කෙරෙන අතර, වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලීය දුරකථන අංක: 011 2693711 (දිගුව: 307) වෙතින් ලබා ගත හැකිය.