Spread the love

නිමල් රාජපක්ෂ

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම සදහා නව බස් රථ 104 ක් ආනයනය කිරීමට අදාලව ගිවිසුම් ගතවීම අද දින (.18) සිදුකෙරිණ. ඒ බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ දී ය

මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම අතර සිදුවිය. මෙම ගිවිසුම් හුවමාරු අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් එක්වූහ…!

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සදහා මෙම බස් රථ එළැඹෙන අගෝස්තු මාසයේදී ගිවිසුම් ප්‍රකාරව මෙරටට ආනයනය කිරීමට නියමිතය

මෙම අවස්ථාවට මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බී. එම්. පියතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.