.
මඩකලපුව කාත්තන්කුඩි ප්රදේශයේ නවසක ස්විට්සර්ලන්තය සිට පැමිණි කාන්තාවක් තනිව ජීවත්වී ඇති අතර ඇයට දැඩි ලෙස පහරදී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලක් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම කොල්ලකරුවන් අද (20) උදෑසන එම නිවසේ නාන කාමරයේ කවුළුවේ විදුරුව බිඳ නිවසට ඇතුළුවී ඇති බව හෙළිවෙයි.
පසුව අල්මාරියක් කඩා එහි තිබූ විදෙස් මුදල්, රත්තරන් ආභරණ සහ මෙරට මුදල් කොල්ලකා තිබේ.
නිවසේ තනිවම සිටි 62 හැවිරිදි කාන්තාවගේ සැමියා සහ දියණිය ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින අතර ඇයද ස්විට්සර්ලන්තයේ හෙදියක ලෙස සේවය කරමින් සිට විශ්රාම ගෙන කෙටි කලකට මෙරටට පැමිණ ඇත.
කාත්තාන්කුඩි පොලීසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්වී පොලිස් නිල සුනඛයින්ව ද යොදාගනිමින් විමර්ශන සිදුකරයි.
