නිමල් රාජපක්ෂ
පොල්ගහවෙල පේරාදෙණිය අතර පාසල් ළමුන් සඳහා සහ අනෙකුත් මගින් සඳහා 2026/10/12 වන සඳුදා දින සිට දිනපතා දුම්රියක් ධවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදාඅ ඇත
දිට්වා” සුළි කුණාටුවෙන් පසු 2026/10/02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන / ගම්පොල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වනවිට සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුකෙරෙමින් පවතී.
එයට සමගාමීව පොල්ගහවෙල – පේරාදෙණිය අතර, දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තු වන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා 2026/10/12 වන සඳුදා දින සිට දිනපතා දුම්රියක් පහත පරිදි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
| පොල්ගහවෙල/ පේරාදෙණිය – අංක 1120 දුම්රිය | පේරාදෙණිය/ පොල්ගහවෙල – අංක 1544 දුම්රිය | ||
| දුම්රිය ස්ථානය | පිටත්වීම | දුම්රිය ස්ථානය | පිටත්වීම |
| පොල්ගහවෙල | පෙ.ව.04.20 | පේරාදෙණිය | ප.ව.02.35 |
| පනලිය | පෙ.ව.04.25 | පිළිමතලාව | ප.ව.02.44 |
| තිස්මල්පොල | පෙ.ව.04.30 | කඩුගන්නාව | ප.ව.02.52 |
| යටගම | පෙ.ව.04.35 | බලන | ප.ව.03.03 |
| රඹුක්කන | පෙ.ව.04.41 | ඉහළකෝට්ටේ | ප.ව.03.16 |
| කඩිගමුව | පෙ.ව.04.55 | ගංගොඩ | ප.ව.03.22 |
| ගංගොඩ | පෙ.ව.05.05 | කඩිගමුව | ප.ව.03.31 |
| ඉහළකෝට්ටේ | පෙ.ව.05.54 | රඹුක්කන | ප.ව.03.44 |
| බලන | පෙ.ව.06.05 | යටගම | ප.ව.03.49 |
| කඩුගන්නාව | පෙ.ව.06.17 | තිස්මල්පොල | ප.ව.03.54 |
| පිළිමතලාව | පෙ.ව.06.27 | පනලිය | ප.ව.03.58 |
| පේරාදෙණිය | පෙ.ව.06.46 | පොල්ගහවෙල | ප.ව.04.03 |
