Spread the love

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ කාන්තාවක් ඇතුළු හය දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා තණමල්විල රෝහලට ඇතුලු කර තිබේ .

අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. .

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.