Spread the love

නිමල් රාජපක්ෂ-

.

බීඩි කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

එමගින් බීඩි කර්මාන්තකරුවන් සේම එහි ආදායම අපේක්ෂා කරන සුරා බදු දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා පැවැසුවේය.. කර්මාන්තිය ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විණි. මෙහි දී බීඩි කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙන් ම බීඩි කර්මාන්තය මගින් අපේක්ෂිත බදු ආදායම ලැබෙන ආකාරය පිළිබඳ දැඩි අවධානය යොමු විය.