Spread the love

මුල්කිරිගල ගුනරත්න
හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගත් කාන්තාවක ඇතුලු සැකකරුවන් හතරදෙනෙකු හුංගම ,උස්සංගොඩ හන්දියේදී (07) සවස
ව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනා ලග තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 4000 ක් සොයාගත් බවද පොලිසිය පවසයි .
සැකකරුවන් අතර සිටින 44 හැවිරිදි කාන්තාව මාමඩල වලේවත්ත ප්‍රදේශයේ පදිංචි කාරියකි. වලේවත්ත ,බස්නාව අසල පදිංචි අවුරුදු 32 ,30 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරන් වෙති . 49 හැවිරිදි අනෙක් සැකකරු මාමඩල ,හංගන්වගුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා හුංගම පොලිසියට බාර දී තිබේ .
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලිම සිදු කළහ.