මහනුවර ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
එසේම මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා යොදාගත් පාසල් 37 ක් අනිද්දා (29) නැවත ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ.
පසුගියදා ආරම්භ වූ දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය අවට පාසල්වලට නිවාඩු ලබාදීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබුණේ.
