මහනුවර නගරයට තද වැසි ඇද හැලෙමින් පවතින අතර “සිරි දළදා වන්දනාවේ” 08 වන දිනය අද වන අතර, ඊට එක්වන සැදැහැවතුන් මහ වැසි නොතකමින් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දැකගත හැකිය.
සිරි දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වූ අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.
මේ අතර ඉදිරි පැය 36 සඳහා වූ අද පස්වරු 4ට නිකුත් කළ කාලගුණ අනාවැකිය අනුව ද මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසිි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
