වසර 16 කට පසුව පැවත්වු පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ,අපි සැලසුම්කළ ප්‍රමාණයට වඩා බැතිමතුන්ට වන්දනාකරගැනීමට භාග්‍ය උදාවී තිබෙනවා. දළදා වහන්සේ වන්දනා කරගැනීම සඳහා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් නිසාම අද මහනුවර ප්‍රදේශයම පුදුමාකාර ජනාකීර්ණ තත්ත්වයකට පත්වෙලා.
මේ හේතුවෙන් දළදා වහන්සේ වන්දනා කරගැනීමට තිබෙන ඉඩකඩවල අඩුවක් පවතිනවා. ඒ වගේම පාරිසරික වශයෙන් වගේම සනීපාරක්ෂක වශයෙන්ද පහසුකම් සපයාදීමේ අවහිරතාවයන්ට මුහුණදෙන්න සිදුවුණා.එනිසා මහජනතාවගේම පහසුව තකා මෙම වන්දනාවාරය කලින් නියමකරගත් පරිදිම අප්‍රේල් 27 දක්වා පමණක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවා”.
ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට උදාකරදෙමින් ‘සිරි දළදා වන්දනාව’ පසුගිය 18වනදා ආරම්භ විය.
දින 10ක කාලයක් සඳහා පැවැත්වෙන මෙම සිරි දළදා වන්දනාව ඉරිදා (27) දිනය දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
