පසු ගිය මැතිවරණවලදි හොරු හොරු කියමින් ඡන්දය දෙන්න එපා කියපු අය සමග ජාතික ජනබල වේගය පලාත් පාලන ආයතනවල බලය පිහිටුවිම තුලින් එම හොරුන් සත් ගුණවත් පිරිස් බවට පත් කිරිමක් බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ මහ ලේකම් රාජ් ප්‍රසාද් මහතා පවසයි.
එම පෙරමුණේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු රාජ් ප්‍රසාද් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
පසු ගිය පලාත් පාලන මැතිවරණවලදි ජාතික ජනබල වේගය වේදිකා දෙවනත් කරමින් පැවසුවේ තම අපේක්ෂයන් හැර අන් පිරිස් හොරුන් දුෂකයන් බැවින් ඔවුන්ට ඡන්දය දෙන්න එපා කියලායි.
එත් මැතිවරණයෙන් පස්සේ ජාතික ජනබල වේගයට සියයට පනහක් නොලැබුන පලාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනිම සදහා එදා හොරුන් දුෂකයන් ලෙස හැදින්වු පිරිස් එක් කර ගැනිමට මොවුන් පියවර ගත්තා.
වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රිකය ගත් විට හොදින්ම පෙනි යන දෙයක් තමයි පසු ගිය කාලය පුරාවට හොරුන් කියමින් ජාතික ජනබල වේගය ප්‍රතික්ෂේප කරපු පක්ෂවල අය සමගයි මේ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවලා තියෙන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පලාත් පාලන ආයතනවල සභාපති ධුරය එදා ප්‍රතික්ෂේප කරපු අයට දිලා ජාතික ජනබල වේගය උප සභාපතිකම අරගෙන තියෙනවා තවත් සමහර පලාත් පාලන ආතයනවල සභාපතිකම ජාතික ජනබල වේගය අරගෙන උප සභාපතිකම එදා ප්‍රත්ක්ෂේප කරපු අයට දිලා තියෙනවා.
මෙම තත්වයන් මත මෙම සභාවලින් ජනතාවට යහපත් සේවයක් ලැබෙයිද කියන එක අද එම ප්‍රදේශවල ජනතාවටත් ප්‍රශ්නයක් වෙලායි තියෙන්නේ.
