හිටපු ජනාධිපතිලාගේ පාලන සමයන්හිදී බරපතල අපරාධකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.
එනිසා අහම්බෙන් හෝ මෙවර සිදුවූ සිදුවීම ගැන සතුටට පත්විය හැකි බවද ඒ මහතා පැවසුවේය.
නීතියෙන් නිවැරදි නොකරන ලද අධිකරණයෙන් නිවැරදි නොකරන ලද බරපතල අපරාධකරුවන් රැුසක් මීට පෙර ජනාධිපති සමාව යටතේ නිදහස් කරවාගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
බන්ධනාගාර රැඳවිය ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
