Spread the love

නිමල් රාජපක්ෂ-

මේ වසර ඇතුළත දී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව ඇති බවත් එය කඩිනමින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිමකිරීට පියවර ගතයුතු බවද ප්‍රවාහන , මහාමාර්ග .වරායසහ සිවිල් ගුවන් සේ වා ඇමති බිමල් රත්නායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (9) සවස නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සමගින් එක්වු අවස්ථාවේදිය.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,
2014 සිට 2022 වසර දක්වා කිසිඳු ඉදිකිරීමක් සිදුනොකළ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2022 සිට ඉබිගමනේ සිදු වූ බවත් වත්මන් රජය බලයට පත්වූ පසු ව්‍යාපෘතියේ සැළකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතිබවත් එය තවදුරටත් වේගවත් කළ යුතු යි.
නැගෙනහිර පර්යන්නය(ECT) වරාය සේවකයින් විසින් දිනාගත් සම්පතක් බවත් එය කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ෂවයකට ලබානොදෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ යටතේ වඩාත් කාර්‍යක්ෂම සහ නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නේ ය.
වරාය අධිකාරියේ සභාපති, උප සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී ව්ය.