නිමල් රාජපක්ෂ
2026 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධාන කළ සැමරුමක් අද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් සංවිධාන කළ මෙම වැඩසටහන පැවැත්වුණේ බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේය.
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරුනේ “සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු, සැබෑ හඬින්, යථාර්ථවාදී වෙනසක්!” යන්න තේමා කරගනිමිනි.
මෙම අවස්ථාව අමතමින් අමාත්‍යතුමිය විසින් පළ කළ අදහස්
“මානසික සෞඛ්‍ය සංවර්ධනය වෛද්‍ය විද්‍යාත්මක කාරණයක් ලෙස දකිමින් එය ඊට පමණක් සීමා කරමින් කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන අතර අප එය සමාජ විද්‍යාත්මකව විග්රහ කළ යුතුයි.
විශාල සමූහයක් මධ්‍යයේ වුව එකිනෙකා හුදෙකළාව ජීවත් වීම අද වන විට පොදු සහ සුලභ තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා.
කුටුම්භයක් තුළ මව, පියා, දරුවන් පවුලක් ලෙස සිතීම නැවත ආරම්භ කළ යුතුයි.
අප අපගේ උපදේශන සේවාව මෙහෙයවිය යුත්තේ මේ සැබෑ ගැටළුව ආමන්ත්‍රණය කරමින්.
ගැටළුවක් ඇති වූ පසු සුවපත් කිරීමට පෙර ගැටළු ඇතිවන පසුබිම් හඳුනාගෙන එ පසුබිම් සුවපත් කිරීමට අවධානය යොමු කිරීම කළයුතුයි.
