බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම අද (15) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ, එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
මෙම අනතුර හේතුවෙන් අද පෙ.ව. 8.45ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රිය ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවිය.
