එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසයි.
ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි වෙයි.
එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.
මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත්, ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
