රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද (20) දිනයේත් ක්‍රියාත්මක කරයි
කෙසේවෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ (20) පස්වරුවේ සාකච්ඡාවක් පැවති බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත සඳහන් කළේ.
අදාළ උප කුලපතිවරයා සේවයෙන් ඉවත්කරන තුරු මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
