නිමල් රාජපක්ෂ –
ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු සඳහා වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියොජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත Dr. Najat Maalla M’jid, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත Emma Brigham මහත්මිය, යුනිසෙෆ් සංවිධානයේ ළමා ආරක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
