:
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම මුද්‍රණ ඇසුරුම් ප්‍රදර්ශනය ප්‍රින්ට් 20 26 මුද්‍රණ ප්‍රදර්ශනයක් කර්මාන්ත හා ව්යසාකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිරකා ජයසුන්දර මහත්මිය ප්‍රධානත්වයෙන් පසුගිය 19 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී පැවැත්විණි.
මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා විදේශ රටවල් වන ඉන්දියාව චීනය ජපානය ඇතුළු රටවල්වල මුද්‍රණ ක්ෂේත්රයේ නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණ උපකරණ ප්‍රදර්ශනයට එක් කර තිබූ අතර එම ප්‍රදර්ශනයේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ තිලකා ජයසුන්දර මහත්මිය ව්‍යාපාරිකයන් සමග සුවඳ සාකච්ඡාක යෙදුණු අතර වෙළඳ කුටි විවෘත කිරීමටද එක්වූවාය .
එම අවස්ථාවට ශ්‍රී ලංකා මුද්‍රණ කරුවන්ගේ සංගමයේ සභාපතිවන ජනක රත්න කුමාර මහතා අනිල් කාරියවසම් ,සෙන්තිල්නාතන් මහතා,මධුෂානි වික්‍රමරත්න මහත්මිය Veepee Grafic solution සමාගමේ අධ්‍යක්ෂක චන්ද්‍රා පීතම්බරම් මහතා ඇතුළු පිරිසක් එක් විය.
