නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානී ධුරයේ රාජකාරී ඊයේ (ජුනි මස 01) යුද්ධ හමුදා මූලස්ථානයේදී භාර ගන්නා ලදී.
ආගමික වතාවත් වලට මුල්තැන දෙමින්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් ඔහු සංකේතාත්මකව රාජකාරී භාර ගැනීම සිදු කළේය.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් ප්‍රේමරත්න , මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ අතර, වර්තමානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.
