නිමල් රාජපක්ෂ –
සිංහල අවුරුදු සමයේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා අලෙවි කිරීමට තිබු රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළද සැල් හතරකින් කොටු කර ගැනීමට සුරාබදු දෙපාර්තුමේන්තුව සමත්වෙයි.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.ඒ පේමරත්න මහතාට ඊයේ (09) රාත්‍රියේ ලද තොරතුරකට අනුව අද පෙරවරු 9 යට පමණ සුරාබදු දෙපාර්තුමේන්තුවේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඇතුළ නිලධාරීන් කණ්ඩායම් හතරක් යොදවා බම්බලපිටිය, වැල්ලවත්ත ඇතුලු කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළද සල් හතරක සිදු කල පරික්ෂාවකදි තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් ,ව්‍යාජ ස්ටිකර් යෙදු හා නැවත ස්ටිකර අලවපු විස්කි බෝතල් 280 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සුපිරි වෙළද සැල් හතරෙහි බලපත්‍ර ලාභින් බලපත්‍ර කොන්දේසි කඩ කිරිමේ වරදට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී පෙරවැරදි සලකා බලා සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම් .බි.එන්.ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට සමථගාස්තු නියම කිරීමට නියමිතය.
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පිී.එන් හේමන්ත මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.
අවුරුදු සමයේ නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනිම සදහා විශේෂිත සුරාබදු මෙහෙයුම් ඒකකවල නිලධාරින් යොදවා තිබෙන අතර නීති විරෝධී මත් ජාවාරම් කරුවන්හට තරා තිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාවට නංවන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.
