Spread the love

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතියකින් තොරව හොර රහසේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. එය පවතින නීතිගත ක්‍රමවේදයට පටහැනි බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද මතයයි. මේ වන විට එය නිවැරදි කිරීමට අප විසින් දිගින් දිගටම ඉල්ලීම් කල ද සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් නීති විරෝධි ලෙස එම වරද නිවැරදි කිරීම සිදු කිරීමෙන් බැහැරව සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයන් ද කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් මේ වන විට අත්තනෝමතිකව සහ අනීතික ලෙස තම පුද්ගලික ලාබ ප්‍රයෝජන සහ අරමුණු මුල් කරගනිමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියම අඩපණ කරවමින් රට තුල රෝගී සත්කාර සේවාව අඩපණ කිරීමට කටයුතු කරමින් සිටියි.

මෙම නිලධාරීන්ගේ වගකීම් විරහිත සහ අසමත් ක්‍රියාවලියේ අරමුණ වනුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ජනතාව ඉදිරියේ අපහසුතාවයට සහ අප්‍රසාදයට පත් කිරීමද යන සැකය මතු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ අත්තනෝමතික හැසීරිම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටින අතර ඊට විරුද්ධත්වය පල කරමින් ස්ථාන මාරු ක්‍රියාවලිය නිසි නිත්‍යානුකූල ක්‍රමවේදයට සිදු කිරීමට බල කරමින් එලඹෙන අගෝස්තු 25 වන සඳුදා දින පෙ.ව 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරන ලදී. ඊට සමගාමිව හෙට දිනයේදී රට පුරා හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වා එහිදි ගන්නා තීරණ සමාලෝචනය කරමින් ඉදිරි පියවර තීරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළඹෙන සදුදා දිනයේදි කොළඹදී රැස් වීමට ද නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ක්‍රියාත්මක කරමින් පවතින අනීතික සහ අත්තනෝමතික වැඩපිළිවෙල නවත්වා ස්ථානමාරු ක්‍රියාවලියේ නෛතිකභාව, පාරදෘශ්‍යභාවය සහ කාර්යක්ෂමතාවය තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු වගකිව යුත්තන් වහාම මැදිහත්විය යුතු බව අපගේ විශ්වාසයයි.