Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදී බව සඳහන්.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි වේ.

මේ නිසා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 305 ක් බව සඳහන්.

එසේම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 289 ක්.

තවද ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති බව සඳහන්.

ඒ අනුව එහි නව මිල රුපියල් 185ක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව වාර්තා වේ.