නිමල් රාජපක්ෂ–
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්ෂණයෙන් බත්තරමුල්ල, ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28 ) සිදු කෙරිණ.
කි. මී. 2.00 ක දිගකින් යුත් මෙම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරනු ලබන අතර, මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 203 කි. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස හය ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය. ඒ අනුව 2026 පෙබරවාරි මස 09 වන දිනට පෙර සියලූ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට සැළසුම් කර ඇත.
මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා : ‘‘අපගේ රජය බලයට පත්වීමට පෙර රටේ තිබූ අර්බුද හමුවේ සංවර්ධන ක්‍රියාවලිය නතර වෙලා තිබුණා. ඉදිකිරීම් සමාගම්වලට ව්‍යාපෘති තිබුණේ නැහැ. ඒ නිසා වැඩ සිදුවුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. අපේ රජය යටතේ විධිමත් මූල්‍ය කළමනාකරණයක් ඇතිව ක්‍රමිකව සංවර්ධන කටයුතු දියත්කර තිබෙන බවද පැවසුවේය.
