නිමල් රාජපක්ෂ-
බෝම්බ නිශ්ක්රීය සුදුසුකම් ලැබීමේ අංක 06 පාඨමාලාවේ (EOD Qualifying Course) නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්රදානය, පසුගියදා ( 27 ) ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් නිශාන්ත රණවීර ගේ ප්රධානත්වයෙන් මහව, බෝම්බ නිශ්ක්රිය පුහුණු පාසලේදී සිදුකෙරිණි.
බෝම්බ නිශ්ක්රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 06 සාර්ථකව නිමකළ නාවික පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) වෙත නිළ ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්රදානය මෙලෙස ආඥාපති නාවික පාබල විසින් සිදු කෙරිණි.
එහිදී, පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා ලෙස ලුතිනන් කොමාණ්ඩර් ඊටීඑම්ආර් භානුක විසින්ද, දක්ෂතම නාවිකයා ලෙස බල නාවික පාබල ආර්ජීඑස්එස් සේනාරත්න විසින් සහ දක්ෂතම කෘත්රීම බෝම්බ නිර්මාණකරුවන් ලෙස ලුතිනන් කවිදු කුමාර සහ බල නාවික පාබල ආර්ජීඑස්එස් සේනාරත්න විසින් සම්මාන හිමිකර ගන්නා ලදී.
එමෙන්ම, මෙම සහතික ප්රදානයට සමඟාමීව බෝම්බ නිශ්ක්රිය පුහුණු පාසලේ නවෝත්පාදන අංශය (Innovation and new ideas cell) විසින් පර්යේෂණාත්මකව නිපදවන ලද ‘Exploder’ යන්ත්ර 07ක් නාවික විධාන වෙත සංඛේතාත්මකව ලබා දීමද එහිදී සිදු කෙරිණි.
