Spread the love


නිමල් රාජපක්ෂ

කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ මේ මස 23 සෙනසුරාදා දින උදෑසන 9.30 සිට 24 ඉරිදා උදෑසන7.30 දක්වා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදු වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
.

ඒ අනුව 2026/05/23 දින උදෑසන 09.30 සිට 2026/05/24 (ඉරිදා) දින උදෑසන 07.30 දක්වා, කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන අතර මන්දගාමී දුම්රිය තුනක් 2026/05/23 දින සවස නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා පහත පරිදි ධාවනය කරනු ලැබේ.
දුම්රිය අංකය පිටත්වන වේලාව
9262 ප.ව. 05.00,
9264 ප.ව. 06.15
9271 ප.ව. 08.15

2026/05/24 දින උදෑසන, මන්දගාමී දුම්රිය තුනක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරනු ලැබේ.

දුම්රිය අංකය පිටත්වන වේලාව
9649 පෙ.ව. 05.15
9641 පෙ.ව. 05.55
9651 පෙ.ව. 06.25

ඉහත අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්ත හේතුවෙන් මගී ජනතාවට හා හරස් මාර්ගය භාවිත කරන්නන්ට සිදුවන අපහසුතාව පිළිබඳව දුම්රිය දෙපාර්තුමේන්තුව කණගාටුව ප්‍රකාශ කරයි..