Spread the love

නිමල් රාජපක්ෂ

කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේවන විට ඇතුළත් වී දත්ත ප්‍රමණාය නැතහොත් විමසීම් ප්‍රමාණය 13698ක් වන අතර ආපදාවට පත් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර ගණන 5639ක්, සුළු පරිමාණ ව්‍යපාර ගණන 4636ක්, මධ්‍ය පරිමාණ ව්‍යපාර 2986ක් සහ මහා පරිමාණ ව්‍යපාර 437ක් බවට වාර්තා වී තිබෙනවා.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට “0712666660”‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැක.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකියි.