Spread the love

නිමල් රාජපක්ෂ

කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.30 ට බෙලිඅත්ත බල ධාවනය වූ ගාලූ කුමරී සීඝ්‍රගාමී දුම්රිය අද සවස ගිංතොට දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදුව ඇත.

එම දුම්රියේ එංජිම සහිත් මැදිරිය පිලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී වී ඇත.