Spread the love

ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසයි.

ඒ අනුව පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් සිදු නොවුණු බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව පවසා සිටියේය.