Spread the love

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිටආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ හේතුවෙන් අද දිනයේ දි සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.