Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම නිවේදන හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙයි.
ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබේ.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා සහ මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 01 යටතේ විමසිලිමත් බැවින් සිටීමේ නිවේදන නිකුත් කළ බව  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.