නිමල් රාජපක්ෂ—
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියයක් වනවාසල හා කැළණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීලි පැනීමකට ලක්වී ඇත .

මෙසේ පිලී පැනීමත් සමගින් එක් මැදිරියක් දුම්රිය මාර්ගයට පෙරළී ගොස් තිබේ. අනතුර සිදු වී ඇත්තේ අද පෙරවරු 5.40 පමණ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ,ගමනා ගමන අසංක සමරසිංහ මහතා පවසයි.

අනතුරින් අනතුරින් දෙදෙනකු තුවාල ලබා වැඩි දුර ප්‍රතිකාර සදහා රෝහල්ගතකර තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවි තිබෙන අතර සිද්ධිය පිළිබද දුම්රිය දෙපාර්මේන්තුව වැඩි දුර පරික්ෂණ පවත්වයි.





