පිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේනාධීරලාගේ දුලාන් මහේෂිත හා 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මානිකුගේ සඳරුවන් සිල්වා යනසැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් සේනාධීරලාගේ දුලාන් මහේෂිත යන සැකකරු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන අතර ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සිද්ධිය සම්බන්ධව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 29ක මුදලක් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගනිමින් ඔවුන්ගේ පරිහරණය සඳහා යොදා ගෙන තිබූ බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වූ බවය.
දහස් ගණනක් හදවත් රෝගී දරුවන්ට නිරෝගී අනාගතයක් උරුමකරදීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, දෙරණ මාධ්‍ය ජාලය සමඟ එක්ව 2016 වසරේදී Little Hearts ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගත්තේය.
එහිදී යම් පාර්ශ්වයක් විසින් එම ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින් ජනතාවගෙන් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට අද දෙරණ උකුස්සා ට පසුගියදා තොරතුරු අනාවරණය විය.
