කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටීමෙන් මගීන් 12 හා ටිපර් රථ රියදුරා තුවාල ලබා තිබේ.
අද (24) අලුයම 2.45ට පමණ සිදුවු අනතුරින් තුවාල ලැබුවන් තංගල්ල රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ.
බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
තංගල්ල පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.
