මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවට පොලීසිය පවසයි.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂාව සඳහා කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
තත්ත්වය සමතයකට පත් කිරීම සදහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මේ වන විට සිදුකරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මේ වනවිට රැදවියන් හතර දෙනකු තුවාල ලබා රාගම රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලු කර තිබේ.
